Friday, April 26, 2024

General line - 0115112241

ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේ හෙද හෙදියන් ගැන කියන්න රෝහල් අධ්‍යක්‍ෂකවරයා අධිකරණයට

නිශාන් ද සිල්වා




ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේ හෙද හෙදියන් කි‍්‍රයාත්මක කරන විරෝධතාව සම්බන්ධයෙන් හෙට (10) අධිකරණය හමුවේ කරුණු දක්වන බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය සුසිත් සේනාරත්න පවසනවා.

අධ්‍යක්‍ෂවරයා කියා සිටියේ මෙම වර්ජනය අත්හිටුවමින් අධිකරණය නිකුත් කර ඇති නියෝගය ද විරෝධතාවයේ නිරත හෙද හෙදියන් විසින් උල්ලංඝණය කර ඇති බවයි.

ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේ හෙද හෙදියන් දැනට දින කිහිපයක සිට විරෝධතාවක නිරත වන්නේ අළුතින් කි‍්‍රයාත්මක කළ ඇඟිලි සලකුණු ක‍්‍රමය ඇතුළු සිද්ධීන් කිහිපයකට විරෝධය පළ කරමින්.

වර්ජනය හේතුවෙන් රෝහලේ රෝගී සත්කාරක සේවා සම්පූර්ණයෙන් බිඳ වැටී තිබෙනවා.

කිසිඳු ශල්‍ය කර්මයක් හෝ පරීක්ෂණයක් සිදු නොවන බවයි රෝහලන් අධ්‍යක්‍ෂවරයා කියා සිටියේ.