Tuesday, April 23, 2024

General line - 0115112241

බැඳුම්කර වාර්තාව ඇතුළු තවත් වාර්තා 34ක් හෙට පාර්ලිමේන්තුවට

හර්ෂිකා සංජීවනී




බැඳුම්කර කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට හෙට (10) ඉදිරිපත් කළද ඒ පිළිබ විවාදය වෙනත් දිනක පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

, අද (09) පැවති පක්ෂ නායක රැස්වීමේදීයි.

එහිදී සාකච්ඡා වූ කරුණු පිළිබ නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ ප‍්‍රජාතන්තවාදී ජනතා පෙරමුණේ නායක, අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේ බැඳුකර කොමිසමේ වාර්තාව මෙන්ම බරපතල වංචා දූෂණ කොමිසමේ වාර්තා 34 ක් ටෛ දින පාර්ලිමේන්තුවේ දී සභාගත කිරිමට තීරණය කළ බවයි.

ඒ අනුව වාර්තා 35ක් සභාගත කිරිමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් වහාම ජනාධිපතිවරයා දැනුවත් කරන ලෙස තමන් කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

වාර්තාව පිළිබ පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන දිනය යළි පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමක දී තීරණය කරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

එමෙන්ම හෙට දිනයේ දී අග‍්‍රාමාත්‍යවරයා මෙන්ම පක්ෂ නායකයින් ද පාර්ලිමේන්තුව අමතා විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා කියා සිටියේ.