Friday, April 19, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කී‍්‍රඩකයෝ වැලිකතර හොල්ලයි

කසුන් කැලුම්




එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර පැවැත්වෙන 5 වැනි දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කණ්ඩායම අද (09) පස්වරුවේ සමත් වුණා.

ඒ ඕස්ටේ‍්‍රලියානු දෘෂ්‍යාබාධිත කණ්ඩායමට එරෙහිව ලකුණු 303ක දැවැන්ත ජයග‍්‍රහණයක් ලබා ගනිමින්.

මෙම තරගය පැවැත්වුණේ ඩුබායි නුවර අජ්මාන් කී‍්‍රඩාංගණයේදීයි.

ලකුණු පුවරුව

ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කණ්ඩායම - 485/8 (35)

සුරංග සම්පත් 130 (85)

රුවන් වසන්ත 111 (59)

චන්දන දේශපි‍්‍රය 50 (32)

ඕස්ටේ‍්‍රලියානු දෘෂ්‍යාබාධිත කණඩායම - 182 සියලූ දෙනා දැවී

ඩබ්ලිව් පී එල් සංජීව කඩුලූ 3

ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත කණ්ඩායම සහභාගි වන මීළග තරගය වත්මන් ලෝක ශූරයන් වන ඉන්දීය දෘෂ්‍යාබාධිත කණ්ඩායම සමග හෙට (10) පැවැත්වෙනවා.