Thursday, April 25, 2024

General line - 0115112241

දිවුලපිටියේදී එස් ටී එෆ් හා ගැටුණු පළාත් සභා මන්ත‍්‍රී ඇතුළු 05ක් ඇප සම්පූර්ණ කරයි

ටෝනි කරුණානායක - ගම්පහ




දිවුලපිටිය හේන්පිටගෙදර ප‍්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග ගැටුණු සිද්ධියේ බස්නාහිර පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරයා ඇතුළු සැකකරුවන් 05 දෙනා ඇප සම්පූර්ණ කිරීමෙන් පසු අද (09) මුදා හැරියා.

, ඔවුන් මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (09) ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

සැකකරුවන් ඉකුත් 05 වනදා මීගමුව මහාධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඔවුන් ඇප මත මුදාහරින ලෙස නියෝග කළා.

කෙසේ වෙතත් සිද්ධියට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් 06 දෙනා ලබන 23 වනදා තෙක් අද (09) යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මෙම සැකකරුවන් 11 දෙනා ලබන 23 වන දින අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස ද නියෝග කෙරුණා.