Friday, March 29, 2024

General line - 0115112241

උතුරු සහ දකුණු කොරියානුවන් සාකච්ඡා කරයි - උතුරු කොරියාවේ තීරණය මෙන්න

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




උතුරු සහ දකුණු කොරියානු බලධාරීන් අතර හමුදාමය සාකච්ඡා වටයක් පවත්වා තිබෙනවා.

වසර දෙකකට පසු දෙරට අතර ඉහළ පෙලේ සාකච්ඡාවක් පැවති පළමු අවස්ථාව මෙයයි.

දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් එහිදී වැඩි වශයෙන් අවධානය යොමු කෙරුණා. 

මෙම සාකච්ඡා සඳහා මග පෑදුණේ ලබන මාසයේ දකුණු කොරියාවේ පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් තරගාවලිය හේතුවෙන්.

ඒ සම්බන්ධයෙන් ද දෙරටේ බලධාරීන් සාකච්ඡා කර තිබෙනවා. එහිදී උතුරු කොරියාව තීරණය කර ඇත්තේ තම රටේ කණ්ඩායමක් දකුණු කොරියාවට එවීමටයි.