Saturday, April 20, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු ගැටුමෙන් මන්ත්‍රිවරයෙකුගේ මුහුණේ කැපුම් තුවාල (PHOTOS) (VIDEO)

හේමන්ත කහවලගේ/සමන්ත කුමාර




අද (10) පෙරවරුවේදී පාර්ලිමේන්තුවේ ඇති වූ ගුටි බැට හුවමාරුවේදී එස්.එම් මරික්කාර්, ගාමිණි ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණවීර, චමින්ද විජේසිරි, හෙක්ටර් අප්පුහාමි අතර ප්‍රබල ගැටුමක් ඇති වූ බවයි අප පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කරන්නේ.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසාගේ මුහුණේ කැපුම් තුවාල සිදුව තිබෙනවා.

------------------------------------

පාර්ලිමේන්තුවේ ගුටි කෙලියෙන් පසු මන්ත්‍රිවරයෙක් රෝහල් ගත කරයි 

(10-01-2018 11:58)

පාර්ලිමේන්තුවේ ඇති වූ ගුටි බැට හුවමාරුවෙන් පසු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන රෝහල් ගත කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සිට ගිලන් රථයක නංවාගෙන ඔහුව රෝහල වෙත රැගෙන ගියා.

ඔහුට හදිසියේ ඇති වූ ක්ලාන්ත තත්ත්වයක් හේතුවෙන් මෙලෙස රෝහල් ගත කර තිබෙනවා.

මේ අතර නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඉතිහාසයේ මෙවැනි සිදුවීමක් දැක නොමැති බවයි. එම ගැටුමේදී ගාමිණි ලොකුගේ මන්ත්‍රිවරයා පළමුව නැගී සිටි බවද හර්ෂ ද සිල්වා මන්ත්‍රිවරයා සිය ට්විටර් පණිවුඩය මගින් සඳහන් කරනවා.

හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට පාර්ලිමේන්තුවට පැමිණි ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.