Tuesday, April 23, 2024

General line - 0115112241

ලෝක ශූරයන් ශ්‍රී ලංකාවට හිමිකර දුන් අමිහිරි පරාජය (PHOTOS)

කසුන් කැලුම්




දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට එක්ව සිටින ශී‍්‍ර ලංකාව ඊයේ (10) පැවති තරගයේදී වත්මන් ලෝක ශූර ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජයට පත් වුණා.

එ් කඩුලූ 6කින්.

ඩුබායි නුවර අජ්මාන් කී‍්‍රඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් පිල නියමිත පන්දුවාර 40 අවසානයේ කඩුලූ 8ක් දැවී ලකුණු 358ක් රැස් කළා. නායක චන්දන දේශපි‍්‍රය පන්දු 69කදී නොදැවී ලකුණු 97ක් රැස් කිරීමට සමත් වුණා. සුරංග සම්පත් ලකුණු 68 යි. 

ලකුණු 359ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දිය දෘෂ්‍යාබාධිත කණ්ඩායම පන්දුවාර 31 යි පන්දු දෙකක් අවසානයේ කඩුලූ 4ක් පමණක් දැවී ජයග‍්‍රාහී සීමාව පසුකර ගියා.

ඉන්දීය දෘෂ්‍යාබාධිත කණ්ඩායම වෙනුවෙන් දීපක් මලික් පන්දු 103කදි නොදැවි ලකුණු 179ක් රැස් කළා.

ලෝක කුසලාන දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහභාගි වන 3 වන තරගය බංග්ලාදේශය කණ්ඩායමට එරෙහිව හෙට (12) පැවැත්වීමට නියමිතයි.