Friday, April 19, 2024

General line - 0115112241

බැඳුම්කර වාර්තාවේ පිටපත් 50ක් ජනපති කාර්යාලයේ මුද්‍රණය කරලා! රවීත් එකක් ඉල්ලයි

හේමන්ත කහවලගේ




බැදුම්කර කොමිසමේ වාර්තාවේ පිටපත් 26 ක් ලබන 17 වනදා පාර්ලිමේන්තුව වෙත ලබාදීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තුවේ සභා නායක කාර්යාලය පිටපත් 26 ක් ලබාදෙන ලෙස ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු වෙත ඉකුත් 9 වනදා පස්වරුවේ ෆැක්ස් මාර්ගයෙන් ඉල්ලීමක් කර තිබුණා.

එම අවස්ථාවේ එම පිටපත් ලබාදීමට හැකියාව නොලැබුණු බවයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ජේ්‍යෂ්ඨ ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියාසිිටියේ. මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් බැදුම්කර වාර්තාවේ පිටපත් 50 ක් මුද්‍රණය කර ඇති අතර ඉන් 26 ක් ඒ අනුව පාර්ලිමේන්තුව වෙත ලබාදෙනු ඇති. 

ජනාධිපති ලේකම්වරයා මෙම වාර්තා සම්බන්ධයෙන් ගතයුතු පියවර සම්බන්ධයෙන්  නීතිපතිවරයාගෙන් විමසා තිබෙනවා. ඒ අනුව නීතිපතිවරයා විසින් 9 වනදා එම වාර්තාව මහබැංකු අධිපතිවරයාට සහ අල්ලස් හෝ ¥ෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත භාරදෙන ලෙස දැනුම් දී තිබුණා. 

ඉකුත්දා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ  ජනතා විමුක්ති පෙරමුණද ජනාධිපති ලේකම් කාර්යාලයෙන් බැදුම්කර වාර්තාවේ පිටපතක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළා.