Thursday, March 28, 2024

General line - 0115112241

ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාධු කාරය මැද නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය නිමාව දකී (UPDATE)(PHOTOS)




අගුණුකොලපැලැස්ස, අලූත්වැව පුරාණ රජමහා විහාරස්ථානයේ පැවති නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය අද (15) අලූයම සාර්ථකව නිමාවට පත්වුණා.

, ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාධු නද මධ්‍යයේයි.

ඉතා දුෂ්කර පළාතක් වන තම ප්‍රදේශයට මෙම ධාතුන් වහන්සේලා වැඩම කර තමන්ට වන්දනා කිරිමට නෙත් එෆ්.එම් අවස්ථාව ලබාදුන් බවයි එහි පැමිණි සැදැහැවතුන්ගේ අදහස වුණේ.

එම පුන්‍යකර්මයෙන් ලැබුණු කුසල් නෙත් එෆ්.එම් සමස්ත කාර්ය මණ්ඩලයට අත්වේවායි ඔවුන් ප්‍රාර්ථනා කර සිටියා.

එමෙන්ම තමන්ගේ ගමට බුදුන් වැඩියා සේ හැගීමක් තමන්ට දැනුණු බවද ඔවුන් තවදුරටත් කියා සිටියා.

----------------------

අගුණුකොලපැලැස්සේ නේත්‍රාභිවන්දනා ධාතු නමස්කාරය අද මධ්‍යම රාත්‍රිය තෙක් (14-01-2018 16:22)

 

අගුණුකොලපැලැස්ස, අලූත්වැව පුරාණ රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන නේත්‍රාභිවන්දනා ධාතු නමස්කාරය මේ වනවිට සාර්ථකව සිදුකෙරෙනවා.

නන්දෙසින් පැමිණි බොහෝ පිරිසක් ධාතු නමස්කාරයට එක්ව සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් සදහන් කළේ.

ධාතු නමස්කාරය අද (14) මධ්‍යම රාත්‍රිය දක්වා පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

පහන්කන්ද ආශිර්වාද පූජාව සජීවිව ගෙන එන්නේද නේත්‍රාභිවන්දනා ධාතු නමස්කාරය සිදු කෙරෙන අලූත්වැව පුරාණ රජමහා විහාරස්ථානයේ සිටයි.

---------------------------

නේත‍්‍රාභිවන්දා ධාතු නමස්කාරයේ අවසන් දිනය අද  (14-01-2018 06:36)

අගුණකොලපැලැස්ස අලුත්වැව පුරාණ රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරය අද (14) දෙවන දිනටත් සිදු කෙරෙනවා.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට වැඩම කරවූ ධාතුන් වහන්සේ වැඳපුදා ගැනීමට අද පස්වරුවේ 2.00 සිට සැදැහැවතුන්ට අවස්ථාව හිමි වනවා.

ඒ පිළිබඳව නෙත් නිවුස් වෙත අදහස් දක්වන යටිහලගල රාජමහා විහාරාධිකාරී, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන් පෙන්වා දුන්නේ "මෙම මහා පිංකමේ අවසාන දිනය වන අද දිනයේ ලක්වැසි බෞද්ධ ජනතාවට පැමිණ මෙම පිංකමට සම්බන්ධ විය හැකි වනවා. ධාතූන් වහන්සේලා වන්දනාමාන කරගනිමින් පිං රැස්කර ගන්නා ලෙසද අනුශාසනා සිදු කරනවා." යනුවෙනි. 

------------------------------

 නේත‍්‍රාභිවන්දා ධාතු නමස්කාරය සඳහා සැදහැවතුන් රැසක් වෙයි (UPDATE)

(13-01-2018 18:36)

අගුණකොලපැලැස්ස අලූත්වැව පුරාණ රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන නේත‍්‍රාභිවන්දා ධාතු නමස්කාරය සහා සැදහැවතුන් රැසක් මේ වනවිට එම විහාරස්ථානය වෙත පැමිණෙමින් සිටිනවා.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට වැඩම කරවූ ධාතුන් වහන්සේ අලංකාර රිය පෙරහැරකින් අලූත්වැව පුරාණ රජමහා විහාරස්ථානය වෙත වැඩම කරවීමෙන් අනතුරුව නේත‍්‍රාභිවන්දා ධාතු නමස්කාරය ආරම්භ කෙරුණා.

නේත‍්‍රාභිවන්දා මහා ධාතු නමස්කාරයට  එක්වූ සැදහැවතුන් කිහිපදෙනෙකු නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් දැක්වූවා.

-------------------

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාර පිංකම ඇරඹේ (13-01-2018 12:36)

අගුණකොලපැලැස්ස අලූත්වැව පුරාණ රජමහා විහාරස්ථානයේ දී දෙදිනක් පුරා පැවැත්වීමට නියමිත නේත‍්‍රාභිවන්දා ධාතු නමස්කාරයේ පිංකම් මාලාව අද (13) උදෑසන ආරම්භ කෙරුණා.

, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට වැඩම කරවූ ධාතුන් වහන්සේ අලංකාර රිය පෙරහැරකින් අලූත්වැව පුරාණ රජමහා විහාරස්ථානය වෙත වැඩම කරවීමෙන්.

ඇඹිලිපිටිය කාවන්තිස්ස රාජමහා විහාරස්ථානයේ සිට ආරම්භ කළ එම රිය පෙරහැරට මග දෙපස රැස්ව සිටි විශාල පිරිසක් පුෂ්පෝපාහාර දක්වනු ලැබුවා.

------------------------

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාර පිංකම අද සහ හෙට (13-01-2018 07:36)

 

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය අගුණුකොලපැලැස්ස අළුත්වැව පුරාණ රාජමහා විහාරස්ථානයේදී අද ආරම්භ වනවා. නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට වැඩමවනු ලබන ජීව කේශ ධාතූන් වහන්සේ, සර්වඥ ධාතූන් වහන්සේ සහ මහ රහතුන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා මෙන්ම අසූ මහ ශ්‍රාවක දාතූන්වහන්සේලා එකම තැනකදී වැඳ පුදා ගැනීමට අද (13) සහ හෙට (14) දවස පුරා අළුත්වැව පුරාණ රාජමහා විහාරස්ථානට පැමිණෙන ඔබට අවස්ථාව හිමිවනවා.

පහන්කන්ද ආශිර්වාද පූජාව සහ සිත්නෙත් අසපුව වැඩසටහන අගුණුකොලපැලැස්ස අලූත්වැව පුරාණ රාජමහා විහාරස්ථානයේ සිට සජීවීව විකාශය අද (13) කෙරෙනවා.

 

 

--------------------------------------------

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාර පිංකම 13 සහ 14දා

12-01-2018 07:36

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාර පිංකමක් හෙට (13) සහ අනිද්දා (14) අගුණුකොලපැලැස්ස අලූත්වැව පුරාණ රාජමහා විහාරස්ථානයේදී පැවැත්වෙනවා. මේ ඒ පිළිබද වැඩිදුරටත් කරුණු දක්වන අලූත්වැව පුරාණ රාජමහා විහාරාධිපති අලූත්වැවේ චන්දාලෝක හිමියන් පැවසූයේ ඇඹිළිපිටි කාවන්තිස්ස රජ මහා විහාරයට වැඩමවන ධාතූන් වහන්සේලා විචිත්‍රවත් රථ පෙරහරකින් අගුණුකොලපැලැස්ස අලූත්වැව රාජමහා විහාරස්ථානය වෙත වැඩම කරවන බවය.

13 දා පහන්කන්ද ආශිර්වාද පූජාව සහ සිත්නෙත් අසපුව වැඩසටහන අගුණුකොලපැලැස්ස අලූත්වැව පුරාණ රාජමහා විහාරස්ථානයේ සිට සජීවීව විකාශය කෙරෙනවා.