Tuesday, April 23, 2024

General line - 0115112241

අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේදී ප‍්‍රථමස්ථානයට පත් වූ ලාබාලතම පන්දු යවන්නා




අන්තර්ජාතික ටෙස්ට් පන්දු යැවීම් ශ්‍රේණිගත කිරීම් සටහනේ ප‍්‍රථමස්ථානයට පත් වූ ලාබාලතම පන්දු යවන්නා ලෙස දකුණු අපි‍්‍රකාවේ කගීසෝ රබාඩා  වාර්තා පොත් අතරට එක්ව තිබෙනවා. ඔහුගේ වයස මේ වන විට අවුරුදු 22 යි දින 231ක්. අන්තර්ජාතික ටෙස්ට් පන්දු යැවීම් ශ්‍රේණිගත කිරීම් සටහනේ ප‍්‍රථමස්ථානයට පත් වූ ලාබාලතම පන්දු යවන්නා ලෙස මීට පෙර වාර්තා පොත් අතරට එක්ව සිටියේ එංගලන්තයේ ජෝර්ජ් ලොහොමන්.  

වත්මන් ටෙස්ට් පන්දුයැවීම් ශේ‍්‍රණිගත කිරීම් සටහනේ දෙවන ස්ථානය එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන්ට හිමිව ඇති අතර තුන් වන ස්ථානය ඉන්දියාවේ රවීන්ද්‍ර ජඬේජාට හිමිව තිබෙනවා. එම සටහනේ ඉදිරියෙන්ම සිටින ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයා වන්නේ රංගන හේරත්. ඔහු එම සටහනේ 7 වන ස්ථානයේ පසුවනවා.