Friday, April 19, 2024

General line - 0115112241

ඉරාණයට නව සම්බාධක




අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ඉරානයට එරෙහිව නව සම්බාධක පනවනු ඇතැයි එරට භාණ්ඩාගාර ලේකම් ස්ටීව් මියුචින් පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. අමරිකාව සහ ඉරානය අතර පසුගිය 2015 වසරේදී එළැඹි න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අද තීරණයකට එළඹීමට නියමිත අතර එහිදී නව සම්බාධක පැනවෙනු ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ න්‍යෂ්ටික ගිවිසුම තවදුරටත් කි‍්‍රයාත්මක කරන ලෙස යුරෝපය ප‍්‍රධාන ලෝක බලවතුන් අමරිකානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා. එහෙත් සිය ධූරයට තේරීපත් වීමෙන් පසුව ඉරාන න්‍යෂ්ටික ගිවිසුම දැඩිව විවේචනයට ලක් කළ ජනාධිපති ට‍්‍රම්ප් පවසන්නේ එම ගිවිසුම නිෂ්ඵල කි‍්‍රයාවක් බවයි.