Wednesday, April 24, 2024

General line - 0115112241

15 වන EDEX Expo 2018 BMICH හිදී ජනවාරි 19 සිට 21 දක්වා




අධ්‍යාපන හා වෘත්තීය විශිෂ්ඨත්වයේ 15 වන වසර සමරමින් EDEX Expo 2018

ශ‍්‍රී ලංකාවේ විශාලතම අධ්‍යාපන ප‍්‍රදර්ශනය සහ රැකියා පොළ අඛණ්ඩව 15 වන වරටත් 2018 ජනවාරි මස 19 - 21 කොළඹ BMICH හිදී පැවැත්වීමට සියළු කටයුතු සංවිධානය කර තිබෙනවා.

මෙම ප්‍රදර්ශනයේ සමාරාම්භක කටයුතු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කිරිමට නියමිතයි

2004 වර්ෂයේ ආරම්භවූ EDEX Expo පාසල් වෘත්තීය පොළක සිට, අධ්‍යාපන වෙළඳපළෙහි අන්තර්ජාතික ප‍්‍රමුඛයෙකු ලෙසට පත්ව ඇති අතර ජාත්‍යන්තරයට තරගකාරීව මුහුණදෙමින් තම ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීම සඳහා ශ‍්‍රී ලාංකීක තාරුණ්‍යය බලගැන්වීම සඳහා ද ප‍්‍රමුඛ මෙහෙවරක් සිදුකරමින් සිටිනවා.

15 වන සංවත්තරය සමරන මෙම අවස්ථාවේ රැකියා වෙළඳ පොළ සහ ව්‍යාවසායකත්ව කලාපය නව අත්දැකීමක් ලෙස ප‍්‍රදානය කරනඅ ලබනවා.

EDEX Expo හි තාරුණ්‍යයට ඉටුකරන වටිනා මෙහෙවර අගමැති  කාර්යාලය අධ්‍යාපනඅමාත්‍යංශය, උසස්අධ්‍යාපන හා මහාමාර්ග  අමාත්‍යංශයකුසලතා  සංවර්ධය  හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය,කම්කරු,වෘත්තීත සමිති  සබඳතා  සහ සබරගමු  සංවර්ධන  අමාත්‍යංශය, පරිසර සහ මහවැලි සංවර්ධන අමාත්‍යංශය සහ අන්තර්ජාතික කම්කරු සංවිධානය (ILO) යනාදියේ පිළිගැනීමට ලක්ව ඇති බවද සඳහන් කළ යුතුයි.

 

EDEX මගින් වෘත්තීය වෙළඳපොළට සිදුවන මෙහෙවර සලකා බලමින් ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය (CCC) හා ලංකා සේවා යෝජකයන්ගේ සංගමය (EFC) උපාය මාර්ගික හවුල්කරුවන් ලෙස තවදුරටත් ෑෘෑඞහා එක්ව කටයුතු කරගෙන යනු ලබනවා.

දේශීය හා විදේශීය පශ්චාත් ද්විතියික අධ්‍යාපන ක්ෂේත‍්‍රයෙහි පාර්ශ්වකරුවන් හා සම්බන්ධවෙමින් 200 කට වැඩි අධ්‍යාපන ප‍්‍රදර්ශන කුටි හා දේශීය හා විදේශීය විශ්වවිද්‍යාල සහ ආයතන රටවල් 20 කට වැඩි ප‍්‍රමාණයකින් EDEX Expo 2018 සන්නද්ධ වී සිටිනවා.

අන්තර් ජාතික සහභාගිත්වය වර්ධනය වෙමින් fjñka Education Malaysia හි  අනුග‍්‍රාහිත්වයෙන් මැලේසායානු අධ්‍යාපන කලාපය සමග ජපානයඕස්ටේ‍්‍රලියාව,ඉන්දියාව සහ ප‍්‍රංශයය යනරටවල්හි අධ්‍යාපන කලාපයන්ගෙන් ද සමන්විතව වී තිබීම තවත් විශේෂත්වයක්.

 

EDEX Expo හි වටිනාකම තවදුරටත් ඉස්මතු කරමින් එක්සත් ජනපදය,එක්සත් රාජධානිය,රුසියාව,චීනය,සිංගප්පූරුව හා තුර්කි විශ්වවිද්‍යාලයන්හි සෘජු හෝ දේශීය නියෝජිතයන් සහභාගී වනු බව සඳහන් කළ යුතුයි.

15 වසරට විශිෂ්ටත්වය ඔප්නැංවීම සඳහා වෘත්තීය ක්ෂේත‍්‍රයෙහි කීර්තිමත් පුද්ගලයන් සමග සම්මුඛ සාකච්ඡා මගින් වෘත්තීයත්වය, දක්ෂතාවය හා හැකියාව මගින් තාරුණ්‍යයට ඇති වටිනාකම පැහැදිලි කරදීමට මෙහිදී කටයුතු කරනු ලබනවා.

තාරුණ්‍යයෙහි උද්‍යෝගය වර්ධනය කිරීම සඳහා දින තුනෙහිම සවස 3.00 සිට 6.00 දක්වා විවිධ වූ විනෝදාත්මක ක‍්‍රියාකාරකම් මගින් සාර්ථකත්වය ලැබූවන් පිළිබඳව හා ඔවුන්ගේ අත්දැකීම් ‘Edutainment’ වැඩසටහන මගින් ඉදිරිපත් කරනු ලබනවා.

මෙහි ප්ලැටිනම් අනුග‍්‍රාහක ලෙස ජාතික ව්‍යාපාර කළමණාකරණ ආයතනය(NIBM) සහ ජාතික ව්‍යාපාර කළමණාකරණ පාසල (NSBM), Colombo Institute of Research and Psychology (CIRP) සහ Education Malaysia අත්වැල් බැඳගෙන සිටිනවා.

එමෙන්ම අනුග්‍රහකයා ලෙස American Education Centre Ltd, ESOFT Metro Campus, Royal Institute of Colombo, CINEC Campus, Scottish Qualifications Authority සහ American International CampusEDEX Expo හා එක් වී තිබෙනවා.

එමෙන්ම නිල බැංකුව ලෙස National Development Bank PLC. (NDB Bank),EDEX Expo හා සම්බන්ධ වී කටයුතු කිරිම තවත් සුවිශේෂි වනවා.

 

මුද්‍රිත මාධ්‍ය හවුල්කරු සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම (ලේක්හවුස්) වන අතර ඉලෙක්ට්‍රොකින මාධ්‍ය හවුල්කරු Channel Eye (චැනල්අයි) සමගින් ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ද වනවා.

නිල කුරියර් Citypak වනවා.

ආර්ථිකයේ වඩාත් වැදගත් අංශයන් නියෝජනය කරමින් ප‍්‍රමුඛතම ආයතනයන්හි කුටි 30 කට වැඩි ගණනකින් සැදි EDEX රැකියාපොළ රැකියා සොයන්නන් ට රැකියා ප‍්‍රවර්ධකයින් හමුවීමට මනා අවස්ථාවක් ද වනවා.

රැකියා සොයන්නන්ට තම අයදුම්පත් edexcareers.lk වෙත ඇතුලත් කිරීම සඳහා මෙහිදී අවස්ථාව ලබාදී තිබෙනවා.

ශ‍්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශක සංගමයේ මූලිකත්වයෙන් පවත්වනු ලබන මනෝමිතික පරීක්ෂණය තරුණ තරුණියන්ට නිවැරදි වෘත්තීය මාර්ග විවරකර ගැනීමට මහගු උපකාරයක් වනු ඇති.

තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ දැනීමක් ඇති තරුණ තරුණියන් EDEX Expo 2018 සඳහා www.edex.lk ඔස්සේ නොමිලේ ලියාපදිංචි වනමෙන් EDEX Expo ආරාධනා කර සිටිනවා.

වැඩි විස්තර සඳහා EDEX කාර්යාලය අමතන්න.

දුරකථන - 0768204975 / 5521497 / 3091086 ඊමේල් - [email protected],[email protected]