Wednesday, April 24, 2024

General line - 0115112241

විද්‍යා දැරිය පැහැරගෙන ගිය වෑන් රථයේ අයිතිකරු රිමාන්ඩ්

දිනසේන රතුගමගේ - වවුනියාව




යාපනයේ පුංගුඩුතීව් ප්‍රදේශයේදී සමූහ දූෂණයකට ලක්කොට මරාදැමූ විද්‍යා දැරිය පැහැරගෙන ගිය වෑන් රියේ අයිතිකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන යාපනය කයිට්ස් දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුට මාස තුනක සිරදඬුවමක් හා රුපියල් 18000 ක දඩයක් කයිට්ස් දිසා විනිසුරු ඒ.එම්.එම්. රියාස් විසින් නියම කළා.

ගණේෂසාමී නැමති අයට අයත් වාහනය කුළි පදනමක් මත  විද්‍යා දැරියගේ ඝාතකයින් විසින් රැගෙන ගොස් තිබූ අතර මේ දක්වාම ඔහුව සොයා ගැනීමට නොහැකි වූයේ ඔහු විදේශගතව සිටීම නිසා බවයි වාර්තා වන්නේ.

ඔහු පැමිණීමෙන් පසුව අත්අඩංගුවට ගැණුනු අතර ඔහුට එරෙහිව චෝදනා හයක් ගොණු වී තිබෙනවා.

නමුත් විද්‍යා දැරිය ඝාතනය වන අවස්ථාවෙදී ඔහු රටේ නොසිටීමත්,එම ඝාතනයට මොහුගෙන් අනුබලයක් ලැබුණු බව ඔප්පු කිරීමට තරම් සාධක නොමැතිවීමත් යන කරුණු සැලකිල්ලට ගත් අධිකරණය වාහනය සම්බන්ධයෙන් ගොණු කර තිබූ වැරදි වලට එම පුද්ගලයා වැරදිකරු වීම නිසා මෙම දඩුවම නියම වුණා.

වාහනයේ අයිතිකරු තම වාහනය කුළියට දෙන ආයතනයක් වෙත පවරා තිබූ අතර විද්‍යා දැරියගේ ඝාතකයින් එම වාහනය රැගෙන ගොස් තිබුණේ එම ආයතනයෙන් කුළි පදනමක් මතයි.

මේ නිසා ඔහුට එල්ල වූ චෝදනා හයෙන් ඔහු වැරදිකරු වී තිබුණේ වාහනයේ තිබූ අඩුපාඩුකම් කීපයක් සඳහා පමණයි