Saturday, April 20, 2024

General line - 0115112241

ප්‍රභාකරන්ට ත්‍රස්තවාදියා කියපු නිසා කැළඹුණු තමිල්නාඩු ප්‍රාන්ත සභාව




එල්ටීටීඊ නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙකු ලෙස නම් කිරිමෙන් තමිල් නාඩු ප්‍රාන්ත සභාවේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර අද (12) උණුසුම් තත්ත්වයක් වාර්තා වුණා.

2018 මුද්ල් වර්ෂය සඳහා තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ අද පක්ෂ විපක්ෂය අතර විවාදයක් පැවත්වුණා.

ඒ විවාදය අතර වාරයේ දෙමළ ඊළම හා කොටි සංවිධානය සම්බන්ධයෙන් ප්‍රශ්න පැන නැගුණා.

එහිදී විපක්ෂ නායක ස්ටාලීන් විසින් ප්‍රභාකරන් යනු ත්‍රස්තවාදියෙකු ලෙස පැවසීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විපක්ෂනායකගේ එම ප්‍රකාශයට දැඩි ලෙස විරෝධය එල්ල කළා.

එහිදී විපක්ෂ නායක ස්ටාලින් කියා සිටියේ එල්ටීටීඊ නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන්ට මුලින්ම ත්‍රස්තවාදී ලේබලය තමිල්නාඩුයේ හිටපු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් විසින් ලබාදුන් බවයි.

එම නිසා එහි වගකීම ආණ්ඩු පක්ෂය දැරිය යුතු බවයි ස්ටාලින් කියා සිටියේ.