Wednesday, April 24, 2024

General line - 0115112241

පාකිස්තාන ව්‍යාපාරික හා කර්මාන්ත වෙළඳ ප්‍රදර්ශනය ජනපතිගේ ප්‍රධානත්වයෙන්




පාකිස්තාන ව්‍යාපාරික හා කර්මාන්ත වෙළඳ ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් අද (12) පෙරවරුවේ විවෘත කෙරුණා.

ඒ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීයි. පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලින මිත්‍රත්වය සමරමින් සහ එම සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් මෙම ප්‍රදර්ශනය සංවිධාන කර තිබෙනවා.

ඒ පාකිස්තාන වෙළඳ සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකාවේ පකිස්තාන මහකොමසාරිස් කාර්යාලය එක්වයි.

ඉංජිනේරු, මෝටර් රථ අමතර කොටස්, කෘෂි උපකරණ, රෙදිපිළි ඇතුළු නිෂ්පාදන රැසක් මෙහි ප්‍රදර්ශනය කෙරෙනවා.

එය නිමාවට පත් වන්නේ ලබන 14වනදායි.