Wednesday, April 24, 2024

General line - 0115112241

කොලොන්නාව නිදහස් පක්ෂ හා පොහොට්ටුවේ අපේක්ෂකයන් පිරිසක් අගමැතිට සහාය දක්වයි




කොලොන්නාව මැතිවරණ කොට්ඨාශයේ පළාත් පාලන ආයතන කිහිපයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හා පොදුජන පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයින් තිදෙනෙකු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද  (12) එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තා.

ඔවුන් සමග එම පක්ෂවල ක්‍රියාකාරී සාමාජිකයන් රැසක් පක්ෂ සාමාජිකත්වය ලබා ගත් බවයි එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය පැවසුවේ.

කොලොන්නාව නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරුන් වන සුදත් සේනක, චින්තක මුතුකුමාරණ එම නගර සභාවට මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරන සමන් නිශ්ශංක, මංජුලා හේරත් සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවට පොදුජන පෙරමුණෙන් තරග කරන වෙලින්ටන් කහඳවලආරච්චි එම පිරිසට අයත්.