Thursday, April 25, 2024

General line - 0115112241

යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය අද ඇරඹේ! නොබිඳුනු වාර්තාවක් අැති ශ්‍රී ලංකාව හෙට තරග බිමේ

කසුන් කැලුම්




මෙවර 13 වන යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට එක්වන කණ්ඩායම් සංඛ්‍යාව 16ක්. A කාණ්ඩයෙන් දකුණු අපි‍්‍රකාව, බටහිර ඉන්දීය කොදෙව්, කෙන්යාව සහ සත්කාරක නවසීලන්තය තරග වදින අතර B කාණ්ඩයෙන් තරග වදින්නේ ඔස්ටේ‍්‍රලියාව, ඉන්දියාව , සිම්බාබවේ සහ පැපුවා නිව්ගිනියාවයි. බංග්ලාදේශය, කැනඩාව, නැමීබියාව සහ එංගලන්තය C කාණ්ඩයෙන් තරග වදිනවා.

මෙවර යොවුන් ලෝක කුසාලනයේදී ශී‍්‍ර ලංකාව D කණ්ඩයෙන් තරග වදින අතර අයර්ලන්තය, පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය ද ඊට ඇතුළත්. 

ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම සහභාගිවන පළමු තරගය හෙට පැවැත්වීමට නියමිතව ඇත්තේ අයර්ලන්තයට එරෙහිවයි. මෙවර යොවුන් ලොක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට නායකත්ව ලබා දෙන්නේ ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේ කමිඳු මෙන්ඩිස්. 

යොවුන් ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ වැඩිම වාර ගණනක් ශූරයින් බවට පත්ව ඇත්තේ ඔස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාවයි. එම කණ්ඩායම් දෙක අවස්ථා 3 බැගින් යොවුන් ලෝක ශූරයින් බවට පත් වුණා. පාකිස්තානය අවස්ථා දෙකකදී යොවුන් ලෝක ශූරයින් බවට පත් වූ අතර දකුණු අපි‍්‍රකාව, එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක් අවස්ථාව බැගින් යොවුන් ලෝක ශූරතාව දිනා ගත්තා.

අවසන් වරට 2016 වසරේදී බංග්ලාදේශයේ පැවති යොවුන් ලෝක කුසලාන තරගාවලියේ ශූරයන් බවට පත් වූයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි. 2000 වසරේදී ශී‍්‍ර ලංකාවේ පැවති තරගාවලියේදී අනුශූරයන් බවට පත්වීම ශී‍්‍ර ලංකා කණ්ඩායම  ලෝක කුසලාන ඉතිහාසයේ දැක්වූ හොඳම දක්ෂතාව වනවා. අවසන් වරට 2016 වසරේ බංග්ලාද්ශයේ පැවති යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී අවසන් පූර්ව වටයට පිවිසුණු ශී‍්‍ර ලංකා කණ්ඩායම එම තරගාවලියේ පස්වන ස්ථානය දිනා ගත්තා.

යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලි ඉතිහාසයේ ශී‍්‍ර ලංකාව සතුව තවමත් එක් වාර්තාවක් පැවතීම විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ශී‍්‍ර ලංකාව වෙනුවෙන් මෙම වාර්තාව තබා ඇත්තේ තුන් ඉරියව් කී‍්‍රඩක ජීවන් මෙන්ඩිස්. 2002 වර්ෂයේ ඔස්ටේ‍්‍රලියාවේ පැවති යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී සිම්බාබ්වේ යොවුන් පිලට එරෙහිව ලකුණු 19කට කඩුලූ 7ක් බිඳ හෙලීමට ජීවන් මෙන්ඩිස් සමත් වුණා. යොවුන් ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ තරගයකදී පන්දු යවන්නෙකු දැක්වූ ඉහළම දක්ෂතාව මෙය වනවා.