Thursday, March 28, 2024

General line - 0115112241

පක්ෂ දෙක දෙපස තබාගෙන පුළුල් ජාතික මෙහෙවරක් කරනවා




රටේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක දෙපස තබාගෙන තමා ජනාධිපති ධුරයේ වගකීම් භාරගත්තේ ජනතාවාදී දේශපාලන ගමන් මගක් තුළ පුළුල් ජාතික මෙහෙවරක් ඉටු කිරීමට බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. එම ගමනට ජාත්‍යන්තර ආශිර්වාදය ද නොඅඩුව හිමිව තිබෙන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

දෙබරවැව මහජන ක‍්‍රීඩාංගණයේ ඊයේ පස්වරුවේ පැවති ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. රටේ ජනතාවගේ සහයෝගයෙන් එම ජනතාවාදී වැඩපිළිවෙල ඉදිරියටම ගෙන යන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. 
මේ අතර ඊයේ පස්වරුවේ අකුරැුස්ස ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් ද ජනාධිපතිවරයා විසින් අමතනු ලැබුවා. 
ඪධෂක්‍ෑ ක්‍ඹඔ - :ඵ ී 01*