Thursday, April 25, 2024

General line - 0115112241

ගුවන් මගීන්ට යම් අපහසුතාවක් වුණා දැයි සොයා බලන්නම් - ඇමති ලක්ෂ්මන් යාපා (UPDATE)

හේමන්ත කහවලගේ




කටුනායක ගුවන් තොටුපලෙන් විදේශගත වීමට පැමිණි මගීන් ඊයේ (12) රාත‍්‍රියේ මුහුණදුන් අපහසුතා සම්බන්ධයෙන් සොයා බලන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාට පැමිණ මෙල්බන් නුවර බලා පියාසර කරන මගීන්ගේ සංඛ්‍යාව 60%න් පමණ ඉහළ ගොස් ඇති බැවින් යම් අපහසුතාවක් ඇති වන්නට ඇති බවයි ඔහු කියා සිටියේ.

ඒ සම්බන්ධයෙන් සොයා බලා ඉදිරියේ දී අවශ්‍ය පියවර ගන්නා බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියා.

ශ‍්‍රී ලංකන් ගුවන් සේවය මගින් විදේශගත වන මගීන්ගේ ගමන් මලූ භාරගන්නා ස්ථානයේ පැවති තදබදයක් හේතුවෙන් ඊයේ (12) රාත‍්‍රියේ විදේශගත වීමට පැමිණි මගීන්ට පැය 02ක පමණ කාලයක් පෝලීම්වල රැඳී  සිටීමට සිදු වුණා.

ගමන්මලූ භාරගන්නා ස්ථානයේ ප‍්‍රමාණවත් පරිදි කාර්ය මණ්ඩලය යොදවා නොතිබීම හේතුවෙන් දිගු වේලාවක් පෝලීම්වල රැඳී සිටීමට සිදු වූ බවයි මගීන් චෝදනා කළේ.

-------------------

කටුනායක ගුවන් තොටුපළට ආ මගීන් රස්තියාදුවේ! (13-01-2018 06:54)

කටුනායක ගුවන් තොටුපලෙන් විදේශගත වීමට පැමිණි මගීන් පිරිසක් ඊයේ (12) රාත‍්‍රියේ අපහසුතාවකට ලක්වුණා. ඒ, ශ‍්‍රී ලංකන් ගුවන් සේවය මගින් විදේශගත වන මගීන්ගේ ගමන් මලූ භාරගන්නා ස්ථානයේ පැවති තදබදයක් හේතුවෙන්.

ගමන්මලූ භාරගන්නා ස්ථානයේ ප‍්‍රමාණවත් පරිදි කාර්ය මණ්ඩලය යොදවා නොතිබීම හේතුවෙන් දිගු වේලාවක් පෝලීම්වල රැඳී සිටීමට සිදු වූ බවයි මගීන් චෝදනා කළේ.