Thursday, April 25, 2024

General line - 0115112241

පොලිස් ස්ථානාධිපතිනියකට කොන්දොස්තර කෙනෙකුගෙන් රෝහල් ගත වෙන්න කනේ පාරක්!




පානදුර පොලිස්ථානයේ ළමා හා කාන්තා කාර්‍යාංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරනු ලබන කාන්තා උප පොලිස් පරික්ෂකවරිය ⁣රාජකාරි නිමාකර වෑකඩ පිහිටි නිවස දක්වා යන අවස්ථාවේදි නියමිත නැවතුම්පලින් බැසිමට නියමිතව සිටියදි බස් රථයේ කොන්දොස්තර විසින් බැන වැසිමක් සිදුකර තිබෙනවා.

 එහිදි ඇතිවු බහින් බස් වීමකදි කොන්දොස්තර විසින් පොලිස් නිලධාරිනියකගේ කම්මුල වෙත පහරක් එල්ල කර ඇති බවත් පසුව ඇය පානදුර රෝහල වෙත ඇතුලත් කර නේවාසිකව ප්‍රථිකාර ගනු ලබනවා.

බස් රථයේ කොන්දොස්තරවරයා පානදුර දකුණ පොලිස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අද දින (13) පානදුර මහෙස්ත්‍රාත්වෙ ත ඉදිරිපත් කිරිමට නියමිතය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පානදුර දකුණ පොලිස්ථානය මගින් සිදුකරනු ලබයි සැකකරු බමුණු ආරච්චිලාගේ දොන් ඉසුරු ගයාන් , කාරියවසම් ගොවිපල තේවත්ත බණ්ඩාරගම යන ලිපිනයේ පදිංචිකරුවකු වේ.