Friday, April 26, 2024

General line - 0115112241

සෞදි කතුන්ට අලුත් නිදහසක් (PHOTOS)




ඉතිහාසයේ පළමුවරට සෞදි කාන්තාවන්ට පාපන්දු ක‍්‍රීඩාව නැරඹීම සඳහා එරට බලධාරීන් විසින් අවසර ලබා දී තිබෙනවා. කාන්තාවන්ට පනවා ඇති දැඩි නීති පද්ධතිය ලිහිල් කරමින් සෞදිය මෙම අවස්ථාව ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව පළමු වරට සෞදි කතුන් ජෙඩා ක‍්‍රීඩාංගණයේ පැවැති ප‍්‍රධාන පෙලේ පාපන්දු තරගයක් නැරඹීමට ද එක්වුණා. ස්ත‍්‍රී පුරුෂ භේදය දැඩිව පවතින ඉස්ලාම් රාජ්‍යයක් සිය රටෙහි කාන්තාවන් හට සම අවස්ථාවක් ලබාදුන් ක‍්‍රියාවක් ලෙස මෙය ජාත්‍යන්තරේ කතා බහට ලක් වෙමින් තිබීමද විශේෂත්වයක්.