Saturday, April 20, 2024

General line - 0115112241

එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශයේ නිල කබායක් හමුවේ (PHOTO)

දිනසේන රතුගමගේ - වවුනියාව




එල්.ටී.ටී.ඊ.සංවිධානයේ බුද්ධි අංශ විසින් පරිහරණය කරණ ලද නිල කබායක් ආරක්ෂක අංශ විසින් මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.

එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් පරිහරණය කරණ ලද සියළු දේ යුද්ධය අවසන් වීමත් සමගම ආරක්ෂක අංශ විසින් විනාශ කොට තිබියදී හදිසියේම මෙම කබාය එම ප්‍රදේශයේ තිබීම ආරක්ෂක අංශවලටද විශාල සැකයක් පහල වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ආරක්ෂක අංශ සැකකරණු ලබන්නේ මෙම කබාය කිසියම් කෙනෙකු ළඟ තිබී මෙම ප්‍රදේශයට රැගෙනවිත් දමන්නට ඇති ද යන්නයි.

මුලතිව් ආරක්ෂක අංශ මෙම කබාය පිළිඳෙව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.