Saturday, April 20, 2024

General line - 0115112241

බංග්ලාදේශ තරගාවලියේ උපනායක තනතුර සුරංග ලක්මාල්ට (PHOTO)

හර්ෂිකා සංජීවනී




බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ උපනායකයා ලෙස සුරංග ලක්මාල් පත් කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

එම සංචාරයට සහභාගී වන 16 දෙනෙකුගෙන් සමන්විත ශ‍්‍රී ලංකා සංචිතයට ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී ඇති බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

සුපුරුදු පරිදි දිනේෂ් චන්දිමාල්ට ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වය හිමිව තිබෙනවා.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජනවාරී මස 31 වනදා චිතගොන්හි දී ආරම්භ වීමට නියමිතයි.