Wednesday, July 18, 2018
Hotline - 0770586666

වෙන්නායි ගුවන් ගමන් පමා වෙයි

ටී කේ ජී කපිල - කටුනායක

371Views

 

වෙන්නායි ගුවන් තොටුපළ අවට පවතින දුමාරය හේතුවෙන් එම ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් ගමන්වාර ප‍්‍රමාද වී තිබෙනවා.

වෙන්නායි බලා පියාසර කිරීමට නියමිත ගුවන් ගමන්වාර 3ක් තාවකාලිකව අවලංගු කර කිරීමට සිදුවූ බවයි ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය පැවසුවේ. 

තෛපෝංගල් උත්සවය නිමිති කරගනිමින් චාරිත‍්‍රයක් ඉටුකිරීම සහා චෙන්නායි වැසියන් පැරණි ඇඳුම් සහ භාණ්ඩ පුළුස්සා දැමීම නිසා චෙන්නායි නුවර අවට  දුමාරයක් ඇති වූ බවයි ඉන්දිය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

මේ හේතුවෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චෙන්නායි බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් ද කටුනායකගුවන් තොටුපළට ගොඩ බැස්වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.