Friday, March 29, 2024

General line - 0115112241

කොළඹ පිටකොටුව පදික වෙළඳුන් එලවිමට කිසිවෙකුටත් මම ඉඩ තියන්නෙ නෑ - අමාත්‍ය ෆයිසර් මුස්තෆා




පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා අද (13) දින කොළඹ පිටකොටුව පදික වෙළඳුන්ගේ ගැටලු සොයා බැලිමේ නීරීක්ෂන චාරිකාවක නිරත වුණා.

එහිදි පදික වෙළඳුන් මුහුන පාන ගැටලු රාශියක් පිළිබඳව අමාත්‍යතුමා තම අවධානය යොමු කරන ලදි. මෙහිදි අදහස් දැක්වු අමාත්‍යතුමා...

පදික වෙළඳුන්ගේ ගැටලු නිරාකරණය කිරීම සඳහා තමන් කවදත් පෙනී සිටි බවත් ඉදියේදී ද පදික වෙළඳුන් වෙනුවෙන් තමා පෙනී සිටින බවත්, මෙය එක්සත් ජාතික පක්ෂ බලකොටුවක් නොව මෙය ෆයිසර් මුස්තෆාගේ බලකොටුවක්.

පදික වෙළඳුන් ඉවත්කිරීම හේ ඔවුන්ට එරෙහිව සිදුකෙරෙන ඕනෑම ගැටලුකාරී තත්වයකදී ඊට එරහිව මුලින්ම නැගී සිටින්නේ මමයි.

එමෙන්ම පදික වෙළදුන්ගේ සුබ සාධන කටයුතු ඉහළ නැන්වීම අපේ අපේක්ෂාවයි.

විශේෂයෙන්ම නගර සභාව සහ පොලීසියෙන් පදික වෙළදුන් හට සිදුවෙන ගැටලු අවම කිරීමට තමන් මූලිකත්වය ගෙන කටයුතු කරනවා.

 ඉදිරියේදී කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නගර සභාවක් පිහිටුවීමට අපි කටයුතු කරන අතර ඒ සඳහා මැද කොළඹ ජනතාවගේ සහයොගය අපි අපේක්ෂා කරනවා.