Wednesday, April 24, 2024

General line - 0115112241

උපවාසයේ යෙදුනු 11 ක් අසාධ්‍ය වී රෝහලට - තවත් 11ක් මාරාන්තික උපවාසයක

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට




හම්බන්තොට මාගම්පුර ජාත්‍යන්තර වරායේ සේවයෙන් ඉවත් කෙරුණු සේවකයන් වරාය අධිකාරියට බඳවාගෙන රැකියා සුරක්ෂිත කරදෙන ලෙස ඉල්ලමින් මාරාන්තික උපවාසයේ යෙදුනු සේවකයින් 11 දෙනාම අසාධ්‍ය තත්ත්වයේ පසුවීම හේතුවෙන් මේ වන විට රෝහල ගත කර තිබෙනවා.

අදාළ සේවකයින් 11 දෙන විසින් පසුගිය 09 වනදා සිට මෙම මාරාන්තික උපවාසයේ යෙදුනු අතර අවස්ථා කීපයකදී උපවාසකරුවන් කීප දෙනෙකු හම්බන්තොට රෝහලට ඇතුලත් කළ අතර ඉන් ඉතිරිව සිටි අනෙක් සේවකයින් තිදෙනා ද අද (13) පෙරවරුවේ අසාධ්‍ය තත්ත්වයේ පසු වූ හෙයින් හම්බන්තොට මහා රෝහලට ඇතුලත් කරනු ලැබුනා.

 ඒ සමගම මෙම මාරාන්තික උපවාසය නොකඩවා ගෙන යාම සඳහා තවත් සේවකයින් 11 දෙනෙකු මෙම මාරාන්තික උපවාසයට එක්වූ අතර ඒ අතර සේවිකාවන් දෙදෙනෙකු ද වනවා.

මෙම මාරාන්තික උපවාසය අරඹා අදට (13) දින පහක් වනවා.

කෙසේ නමුත් මාගම්පුර වාරයේ සේවයෙන් ඉවත් කෙරුණු සේවකයින් 438 දෙනා නැවත වරයා අධිකාරියට බඳවා ගන්නා ලෙස ඉල්ලමින් ඊයේ (12) දිනයේ තිස්සමහාරාමයේදී ජනාධිපතිවරයා හට සන්දේශයක් බාර දුන්නා.

අමාත්‍ය මහින්ද අමරවීර සහ තවත් ඇමති වරුන් කීපදෙනෙකු ඒ සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් ලබා දීමට පොරොන්දු වූ හෙයින් ඒ ගැන විශ්වාසය තබන බවත් තමන් හට ලිඛිත පොරොන්දුවක් දෙනතුරු මෙම මාරාන්තික උපවාසය කරගෙන යන බවත් හම්බන්තොට මාගම්පුර වරාය සේවක සංගමයේ සභාපති අයි ,කේ , ඔමේෂ් කියා සිටියා.