Thursday, March 28, 2024

General line - 0115112241

මිහින් ලංකා සහ ශ‍්‍රී ලන්කන් ගැන සොයන කොමිසම ඉදිරි සතියේ දී

කසුන් කැලුම්




මිහින් ලංකා සහ ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම්වල සිදුව ඇති දූෂණ සම්බන්ධයෙන් සොයන ජනාධිපති කොමිසම එළඹෙන සතියේදී පත් කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (13) ප‍්‍රකාශ කළා.

, දඹුල්ලේ පැවති ජන රැළියකට එක්වෙමින්.

මිහින් ලංකා සහ ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම්වල සිදුව ඇති දූෂණ සම්බන්ධයෙන් ජනවාරි මුල් සතියේ ජනාධිපති කොමිසමක් පත් කරන බව ජනාධිපතිවරයා කියා සිටියේ ඉකුත් දෙසැම්බර් මාසයේදීයි.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අවසන් වාර්තාව ලැබීමෙන් අනතුරුව මිහින් ලංකා සහ ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම්වල සිදුවූ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කරන බවයි ජනාධිපතිවරයා එහිදි කියා සිටියේ.