Friday, April 19, 2024

General line - 0115112241

එජාප තමන්ගේ ප්‍රතිරූපය විනාශ කරගෙන

චන්දන උඩුවාවල - මහනුවර




සාම්පූර් සූඩකුඩා දාගැබ විනාශ කිරීම පිළිබඳව ජනාධිපතිවරයා හෝ අග‍්‍රාමාත්‍යවරයා විසින් මෙතෙක් කිසිඳු ප‍්‍රකාශයක් සිදුකර නොමැති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

හාරිස්පත්තුව ප‍්‍රදේශයේ අද (13) පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.

එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයන් අද වන විට සිය ප‍්‍රතිරූපය විනාශ කර ගෙන ඇති බවයි මෙහිදී ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

මෝදර පැවති උත්සවයකට එක්වෙමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානයක පැවසුවේ චරිත ඝාතනය කිරීමෙන් එක්සත් ජාතික පක්ෂය විනාශ කළ නොහැකි බවයි.