Thursday, April 18, 2024

General line - 0115112241

2021 දක්වා ජනාධිපතිට ධූරයේ ඉන්න පුළුවන්

හේරත් ඒකනායක - මහනුවර




මෙවර පළාත් පාලන ඡුන්ද විමසීමට ඉදිරිපත්ව සිටින ප‍්‍රධාන පක්ෂ අතරින් දූෂිත අපේක්ෂකයින් නොමැති එකම පක්ෂය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය බව අමාත්‍ය සරත් අමුණුගම පවසනවා.

පාර්ලිමේන්තු සභා ගර්භයේ ඉකුත්දා ඇති වූ නොසන්සුන්තාවේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කිසිඳු මන්තී‍්‍රවරයෙකුට චෝදනාවක් එල්ල නොවූ බවයි ඔහු කියා සිටියේ.

ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ජනාධිපතිවරයා අපේක්ෂා කරන බවත් එහිදී අධිකරණය ලබාදෙන ඕනෑම තීරණයකට තමන් එකඟ වන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

2021 දක්වා ජනාධිපතිවරයාට ධුරයේ සිටිය හැකි බව තමා විශ්වාස කරන බව ද ඔහු කියා සිටියා.

මහනුවර ප‍්‍රදේශයේදී අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සරත් අමුණුගම අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.