Friday, April 19, 2024

General line - 0115112241

"මා හිතවත් මහින්ද රාජපක්ෂ මැතිතුමා" - එල්ලවන චෝදනාවට ජනපති පිළිතුරු දෙයි




බරපතල වංචා දූෂණ සෙවීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාවේ කටයුතු ඉදිරියේදී කඩිනමින් ක‍්‍රියාවට නංවන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඉබ්බාමුව ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය හා එක්වීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රතිචාර දැක්වූවා. 

එහිදී "අපිට චෝදනාවක් තියෙනවා..අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙලා ආණ්ඩු කරනවා කියලා..හැබැයි මේ කැඩිලා තියෙන පක්ෂය එකට එකතු කරලා මැතිවරණයට එන්න මමත් මගේ ඇමතිවරුත් නොගත් උත්සහයක් නෑ..මම අවසානයේ කිව්වා මට කිසිම තනතුරක් එපා..පක්ෂය එකට එකතු කරන්න කියලා..කතා කළ යුතු හැම කෙනෙක් එක්කම මම කතා කළා. යූ.එන්.පී එකත් එක්ක එකතු වෙලා ආණ්ඩු කරන්න මුලින්ම ඉගැන්නුවේ මා හිතවත් මහින්ද රාජපක්ෂ මැතිතුමා.. 2007 දී." යනුවෙන් සඳහන් කළා.