Wednesday, April 17, 2024

General line - 0115112241

ජනපති ගේන අලුත් කොමිසමෙන් එජාපයේ පිරිසකුත් කොටු වෙනවාලු

ප්‍රගීත් ජානක




මිහින් ලංකා හා ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගම්වල වංචා දූෂණවලට එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන්ද සම්බන්ධ බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්.

එහිදී වැඩි දුරටත් සඳහන් කෙරුණේ "මේකත් කවුරුත් ඉලක්ක කරලා කරන දෙයක් නෙමෙයි.. හැබැයි මට තේරෙන විදිහට මේකෙ දෙගොල්ලොගෙම නම් තියෙයි."

පක්ෂයක් හෝ පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් ජනාධිපතිවරයා විසින් කොමිසන් පත් නොකළ බවයි මෙහිදී වැඩි දුරටත් ප‍්‍රකාශ කෙරුණේ.