Thursday, April 25, 2024

General line - 0115112241

යූ ආර් අ ලීඩර් අවසන් දිනයේ සිසුන්ට විභාග සැසියක් (UPDATES) (PHOTOS)

ඩිල්ෂාන් මඩවල




මාතර දෙහිගස්ප පිටබැද්දර ඩඩ්ලි සේනානායක මහ විද්‍යාලයේ පැවැත්වෙන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ අවසන් දිනය අදයි.

ඒ අනුව අද (15) දරු දැරියන් වෙනුවෙන් විභාග පුහුණු සැසියක් පැවැත්වෙනවා.

වැඩසටහනට ඇතුළත් දෙදින නේවාසික කදවුර ඊයේ (14) සාර්ථකව නිමාවට පත් වුණා.

ඊට සහභාගී වූ අංකුර නායකයින්ගේ විසිරයාමේ උත්සවය පැවැත්වෙන්නේ ද අද (15) දිනයේයි.

ඊට අමතරව ප්‍රදේශයේ තවත් පාසල් දෙකක පුස්තකාල සහා පොත් ප්‍රදානය කිරීමක් ද අද  (15) සිදු කෙරෙනවා.

මාතර දෙහිගස්ප පිටබැද්දර ඩඩ්ලි සේනානායක මහ විද්‍යාලයේ දී මෙලෙස පැවැත්වෙන්නේ නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් වැඩසටහනේ 22 වැන්නයි.

----------------

යූ ආර් අ ලීඩර් 22 වැනි වැඩසටහන සාර්ථකව නිමාවට (14-01-2018 18:07)

මාතර දෙහිගස්ප පිටබැද්දර ඩඩ්ලි සේනානායක මහ විද්‍යාලයේ පැවැත්වෙන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ දෙදින නේවාසික කඳවුර අද (14) සාර්ථකව නිමාවට පත් වුණා.

දරු දැරියන් සඳහා වඩා හොඳ මග පෙන්වන්නෙකු වන්නේ කෙසේද යන්න තේමා කර ගනිමින් විද්‍යාලීය දරු දැරියන්ගේ මව්පියන් සඳහා වූ දේශනයක් අද (14) දිනයේ පැවැත් වුණා.

මාතර දෙහිගස්ප පිටබැද්දර ඩඩ්ලි සේනානායක මහ විද්‍යාලයේ දී මෙලෙස පැවැත්වෙන්නේ නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් වැඩසටහනේ 22වැන්නයි.

-------------------------

යූ ආර් අ ලීඩර් 22 වැනි වැඩසටහනේ තුන්වැනි දිනය අදයි (14-01-2018 06:07)

මාතර දෙහිගස්ප පිටබැද්දර ඩඞ්ලි සේනානායක මහ විද්‍යාලයේ පැවැත්වෙන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ අද (14) තුන්වන දිනයයි.

විද්‍යාලයීය දරු දැරියන්ගේ මව්පියන් සඳහා වන දේශනයක් අද පැවැත්වෙනවා.

දරු දැරියන් සඳහා වඩා හොඳම මගපෙන්වන්නෙකු වන්නේ කෙසේද යන්නයි එහිදී සාකච්ඡා කෙරෙන්නේ. මෙම දේශනය පස්වරු 02.00ට ආරම්භ කිරීමට නියමිතයි. 

මේ අතර දෙදින නේවාසික කඳවුරට සහභාගී වී සිටින දරු දැරියන් අදත් විවිධ ක‍්‍රියාකාරකම්වල යෙදෙනවා. ඊයේ (13) රාත‍්‍රියේ ඔවුන්ගේ කුසලතා විදහා දැක්වුණු විචිත‍්‍රවත් ගිනිමැල සංදර්ශනයක් ද පැවැත්වුණා. විටින් විට මද වර්ෂාවක් ඇදහැලූණත් ක‍්‍රියාකාරකම් සිදු කෙරුණේ එම බාධක ද මැඩලමින්.

මාතර දෙහිගස්ප පිටබැද්දර ඩඞ්ලි සේනානායක මහ විද්‍යාලයේ දී මෙලෙස පැවැත්වෙන්නේ නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් වැඩසටහනේ 22වැන්නයි.