Saturday, April 20, 2024

General line - 0115112241

'මහින්දයි - මෛත්‍රි' හිටපු ආණ්ඩුවේ කරපු දේවලුත් හෙළි කරනවාලු

ජූඩ් සමන්ත




ඉකුත් ආණ්ඩු සමයේ සිදු වූ බැඳුම්කර ගනුදෙනු පිළිබඳව ඉදිරියේදී සියලූ තොරතුරු ඉදිරිපත් කරන බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ පවසනවා.

වත්මන් ආණ්ඩුව සමයේ සිදු වූ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම ලබාදුන් වාර්තාව ජනාධිපතිවරයා සඟවාගෙන සිටින බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

එහිදී "2008 වසරේ කිසිම අවසරයක් නොමැතිව බිලියන 4000ක් මඩි ගහගන්න මහින්ද රාජපක්ෂ මහත්තයායි මෛත්‍රිපාල සිරිසේන මහත්තයා හිටපු ආණ්ඩුව දුන්නා. ඕක තමයි ඇත්ත.. ඉදිරියේදී අපි ඒවා හෙළි කරන්නම්.. දැන් කොමිසම් වාර්තාව දෙන්නෙත් නෑ ජනාධිපතිතුමා..අපිට මඩක් ගහලා වාර්තාව හංගගෙන ඉන්නවා. අහිංසකයා හින්දා අද බයිට් එක වෙලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා." යනුවෙන් සඳහන් කළා.

2020 එක්සත් ජාතික පක්ෂයේ ජයග‍්‍රහණය වැළැක්වීමේ අරමුණින් මෙවැනි චෝදනා එල්ල කරන බවයි සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.