Thursday, April 25, 2024

General line - 0115112241

නිවස තුළදී කාන්තාව ඝාතනය කළ සැකකරු සොයා පොලිසිය යයි




නිවස තුළදී තියුණු ආයුධයකින් දරුණු ලෙස පහරදී ඝාතනය කරන ලද කාන්තාව සම්බන්ධයෙන් පොලිසිය මේ වන විට පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවක් තියුණු ආයුධයකින් සිදු කළ කැපීම් තුවාල සහිතව වැටී සිටියදී පොලිසිය විසින් සොයා ගත්තේ පොලිස් හදිසි ඇමතුම් අංකය වෙත ලැබුණු තොරතුරකට අනුවයි.

මෙලෙස සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 44ක් වූ අංක 15, පළවන පටුමග රාවතාවත්ත ලිපිනයේ පදිංචි රුවනි ශානිකා ප්‍රනාන්දු නැමැති අයෙක්.

ඝාතනය සිදු කළේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන සිදු කරනවා.