Thursday, April 18, 2024

General line - 0115112241

19න් පහළ යොවුන් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව පළමු ජය ලබයි (UPDATE)

කසුන් කැලුම් - අන්තර්ජාලය ඇසුරෙන්




නවසීලන්තයේ පැවැත්වෙන 19න් පහළ යොවුන් ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය මීට නොබෝ වේලාවකට පෙර ශ්‍රී ලංකාව ජය ගත්තා.

ඒ අනුව අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුළු 07ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 48 අවසානයේ කඩුලූ 08ක් දැවී ලකුණු 206ක් රැස් කළා. ලකුණු 208 ක ජයග්‍රාහි ඉලක්කය වෙනුවෙන්  ධනංජය ලක්ෂාන් 101 ක් සහ කමිඳු මෙන්ඩිස් 74ක් ලබා ගත්තා.

-----------------------------------------------

ශ්‍රී ලංකා ක්‍රිකට් යොවුන් පිළ ඉලක්කය හඹා යයි

(14-01-2018 09:21)

නවසීලන්තයේ පැවැත්වෙන 19න් පහළ යොවුන් ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය මේ වනවිට පැවැත්වෙනවා.

ඒ, අයර්ලන්තයට එරෙහිවයි.

වර්ෂාව හේතුවෙන් මෙම තරගය පන්දුවාර 48කට සීමා කෙරුණා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 48 අවසානයේ කඩුලූ 08ක් දැවී ලකුණු 206ක් රැස් කළා.

පන්දු යැවීමේ දී නායක කමිඳු මෙන්ඩිස් ලකුණු 35කට කඩුලූ 03ක් බිඳහෙලූවා.

ලකුණු 207ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යන ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 15ක් අවසානයේ් කඩුලූ 03 දැවී ලකුණු 73ක් ලබා සිටියා.