Thursday, April 25, 2024

General line - 0115112241

වතු නිවාසවලට තවමත් පොලිස් ආරක්ෂාව (PHOTOS)

අරුණ කැළුම් බෝධිමාන්න - මාතර




මාතර, මාවරල ප්‍රදේශයේ දී ඊයේ (13) සවස වතුකම්කරු නිවෙස්වල ඇති වු ගැටුම්කාරි තත්ත්වය තව දුරටත් සම්පූර්ණයෙන්ම පහව ගොස් නැති බව අප වාර්තාකරු පවසනවා.

මෙම ගැටුම් හේතුවෙන් එක් නිවාසයකට අලාභහානි සිදු වුණා.

ප්‍රහාරයට විරෝධය පාමින් අනෙක් වතු නිවාසවල ජනතාවද විරෝධය පෑම හේතුවෙන් මෙම උණුසුම්කාරී තත්ත්වය ඇති වුණා.

පසුව තත්ත්වය පාලනය කිරීමට පොලිස් ආරක්ෂාව යෙදවූ අතර එය තවදුරටත් ක්‍රියාත්මක බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තියුණු ආයුධ රැගත් පිරිසක් පැමිණි මෙම නිවැසියන් බිය ගන්වා නිවසට අලාභහානි සිදු කර ඇති අතර නිවැසියන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් වතු සංවිධායකකම හිමිවීම නිසා උරණ වූ පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවයි.

කෙසේවෙතත් මීට පෙර දේවාලයක් ආසන්නයේ ගල් වැටක් ඉදි කිරීමට යාමේදී එහි සිටි ත්‍රිරෝද රථ ගාලේ පිරිසක් සහ වතු කම්කරුවන් අතර ගැටුම්කාරි තත්ත්වයක්ද ඇති වී තිබෙන බැවින් ඒ පිළිබඳවද සැක සහිත බවයි පොලිසිය සඳහන් කරන්නේ.