Thursday, April 25, 2024

General line - 0115112241

LTTE ගීත වාදනය වෙලා

දිනසේන රතුගමගේ




මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා වව්නියාවේ දෙමළ දේශපාලන පක්ෂයක් එල්.ටී.ටී.ඊ. ගීත වාදනය කළ බවට තවත් මැතිවරණ පැමිණිල්ලක් වාර්තා වී තිබෙනවා. ඒ, ඊයේ (13) පස්වරුවේ බණ්ඩාරිකුළම් ප‍්‍රදේශයේදීයි. 

මීට දින තුනකට පෙර යාපනයෙන් ද මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සදහා එල්.ටී.ටී.ඊ. ගීත වාදනය කළ බවට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබුණා. 

ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් පරීක්ෂණ ක‍්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ. මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ දේවල් යොදා ගැනීම හා ප‍්‍රචාරය කිරීම තහනම් බවට මැතිවරණ කොමසාරිස්වරයා මෙන්ම නිරීක්ෂණ සංවිධාන ද පෙන්වා දී තිබෙනවා. 

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ප‍්‍රකාශයට පත්කිරීමෙන් පසු සිදු වූ මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 119 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මූලස්ථානය පැවසුවේ මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් 14 දෙනෙකු ද ඒ අතර වන බවයි. වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ පෝස්ටර් ඇලවීම සහ ළඟ තබාගැනීම සම්බන්ධයෙන්. එම සංඛ්‍යාව 91ක්. 

මේ අතර මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් හා පැමිණිලි 174ක් පමණ වාර්තා වී ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.