Friday, April 26, 2024

General line - 0115112241

කරන්දෙනියේ අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව එල් ටී ටී ඊ නිල ලාංඡනය සහිත පොතක් (PHOTO) (UPDATE)

හේමන්ත කහවලගේ




ගාල්ල - කරන්දෙණිය ප්‍රදේශයේදී අවි ආයුධ සමග අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී තවත් යුද උපකරණ තොගයක් සොයාගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ සැකකරු සතුව තිබී එල් ටී ටී ඊ සංවිධානයේ නිල ලාංඡනය සහිත එල් ටී ටී ඊ සංවිධානය භාවිත කළ විවිධ අවි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවෙන් ලියවුණු මුද්‍රිත පොතක් ද සොයාගත් බවයි.

මීට අමතරව ජීව අත්බෝම්බයක්, මිලිමීටර 9 වර්ගයේ ලිවෝරයක්, බෝර 12 වර්ගයේ ගිනි අවියක්, අමෙරිකාවේ නිෂ්පාදිත ගිනි අවියක්ද සැකකරු සතුව තිබී සොයාගෙන තිබෙනවා.

කළු, රතු, සුදු බෝර 12 උණ්ඩ 3 ක් සහ ජීව උණ්ඩ 140 කට වැඩි ප්‍රමාණයක්ද සොයා ගැණුනා.

37 හැවිරිදි ඩෙනොන් රණවීර නොහොත් සුචී යන අනුවර්ථ නාමයෙන් හඳුන්වන සැකකරු හෙට (15) දින ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අද (14) අළුයම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් මඩකුඹුර ප්‍රදේශයේ නිවසක් පරීක‍්ෂා කළ අවස්ථාවේ මෙම අවි ආයුධ සොයා ගැණුනා.

---------------

පෑනක් ලෙස සැකසූ පිස්තෝලයක් සහ තවත් ගිනිඅවි සමග කොටු වූ සැකකරු (14-01-2018 11:32)

කරන්දෙණිය ප‍්‍රදේශයේ දී ගිනි අවි කිහිපයක් සහ අත්බෝම්බයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඇල්පිටිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි. 

සැකකරු සතුව තිබී පෑනක් ලෙස සැකසූ පිස්තෝලයක්, මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක්, බෝර 12 ගිනි අවියක් සහ අත් බෝම්බයක් ද සොයා ගැණුනා.

මෙම සැකකරු කිසියම් අපරාධයක් සඳහා සූදානම් වූවෙක්ද යන්න පිළිබඳ පොලිස් විශේෂ කාර්ය බලකාය සැක පළ කරනවා. ඒ අනුව මේ වනවිට ඔහුගෙන් ප‍්‍රශ්න කිරීම් සිදු කෙරෙන බවයි ප‍්‍රකාශ කෙරුණේ.