Wednesday, April 24, 2024

General line - 0115112241

මහ බැංකු වංචාව හරියටම ගණනය කරන්න උගතුන්ට අභියෝගයක්

ටී.කේ.මහින්ද




මහ බැංකු ගනුදෙනුවෙන් සිදුව ඇති වංචාව කිසිවෙකුට නිශ්චිත ලෙස ප‍්‍රකාශ කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන පවසනවා.  

ඕනෑම උගතෙකුට එ් පිළිබඳව නිශ්චිත ගණනය කිරීමක් කරන ලෙස තමන් අභියෝග කරන බවයි මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේ. 

ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ මෙම වංචාව එසේ මෙසේ මොළයකින් සැළසුම් කළ එකක් නොවන බවයි.

මහින්ද යාපා මන්තී‍්‍රවරයා මෙම අදහස් පළ කළේ මාතර උයන්වත්ත ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමන්.