Wednesday, April 24, 2024

General line - 0115112241

තවත් ඇතෙකුගේ සිරුරක් හමුවේ (PHOTOS)

ජුඩ් සමන්ත - පුත්තලම




විදුලිය සැර වැදීමක් හේතුවෙන් මිය ගිය බවට සැක කෙරෙන වන ඇතෙකුගේ සිරුරක් පුත්තලම - කල්අඩිය ප්‍රදේශයේ ගෙවත්තක තිබී හමුවී ඇති බව පුත්තලම පොලීසිය පැවසුවා.

14 වැනිදා අළුයම මිය ගොස් සිටි ඇතාගේ සිරුර ගම්වාසීන් විසින් දැක ඒ බව පොලීසියට දැණුම් දීමට කටයුතු කර තිබුණා.

ඇත් සිරුර හමුවූ ඉඩමේ හිමිකරු වන එච්.ඒ.ශාන්ත පෙරේරා මහතා කියා සිටියේ වන අලින්ගෙන් ආරක්ෂා කිරීම සදහා තම ගෙවත්ත වටා විදුලිය රැහැන් ඇද තිබුනත් මේ වන විට ඒවා ආක්‍රීය පවතින බවයි.

ඇතා මිය යාමට හේතුව අනාවරණය කර ගැනීම සදහා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

දින 14 ක කාලයක් තුළ සෙල්ලන්කන්දල් රක්ෂිතය ආශ්‍රිතව මිය ගොස් සිටියදී හමුවූ දෙවැනි ඇත් සිරුර මෙය වනවා.

කරුවලගස්වැව ප්‍රදේශයේදීද වෙඩි තබා ඝාතනය කරන ලද ඇතෙකුගේ සිරුරක් පසුගිය දිනක හමුවී තිබුණා.

පසුගිය වසර 05 ක කාලය තුළ පුත්තලම - කල්අඩිය ප්‍රදේශය තුළ වන අලින් 20 දෙනෙකු පමණ විවිධ හේතු නිසා මිය ගොස් ඇති බව සඳහන්.

එම කාලය තුළ වන අලින් පහර දීම 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා.

20 දෙනෙකු පමණ වන අලි ප්‍රහාරයන්ට ලක්ව ඇති අතර ඉන් 12 දෙනෙකුම පූර්ණ ආබාධිතයින් බවට පත්ව තිබෙනවා.