Saturday, April 20, 2024

General line - 0115112241

ගුරුවරිය දණගැස්වු බවට සිදුකළ ප්‍රකාශයෙන් අපකීර්තියට පත් ඌව මහ ඇමති කරන්න යන දේ (VIDEO)

පාලිත ආරියවංශ - බදුල්ල




තමා විදුහල්පතිනියක් දණ ගැස්වු  බවට ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න විසින්  ජනමාධ්‍ය හරහා කළ අසත්‍ය   ප්‍රකාශය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සභා අපෙක්ෂකයන්  වන ගුරු සංගමයක නිලධාරින් දෛදෙනෙක් ජනමාධ්‍ය හරහා කළ ප්‍රකාශ මගින් තමාගේ කීර්ති නාමයට විශාල හානියක් සිදුව ඇති ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක පැවසුවා.

එම නිසා ඔවුන්ගෙන් රුපියල් මිලියන 500  ක වන්දියක් ඉල්ලා නඩු පැවරිමට කටයුතු යොදා ඇති බව ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ.

ප්‍රධාන අමාත්‍යවරයා මේ පිළිබෙඳව පොලිසිය ට ඉදිරිපත් කළ පැමිණිල්ලේ  පිටපත් ලබාගැනීම සඳහා අද (14) උදේ බදුල්ල පොලිස් අධිකාරි කාර්යාලයට පැමිණි අවස්ථාවේ දී ජනමාධ්‍යවේදින් අමතා මේ බව පැවසුවා.

සමන්ත විද්‍යාරත්න පවසා ඇති ආකාරයට මහ ඇමතිවරයා විසින් තමා දණගැස්විමකට ලක් නොකළ බවත් එය දේශපාලන වාසිතකා චූදිතයන් කළ අසත්‍ය ප්‍රකාශයක් බව අදාල විදුහල්පතිනිය , ජනමාධ්‍ය හරහා කියා තිබුණා   .

ඊට අමතරව එවැනි සිදුවීමක් නොවු බව එම විදුහල්පතිනිය , ඌව පළාත් අධ්‍යාපන ලේකම්වරිය හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරය දැනටමත් පොලිසියට ප්‍රකාශ ලබාදී තිබෙනවා.

පළාත් සභා මැතිවරණ සමයේ  චරිත ඝාතනය කිරිමේ අරමුණින් කළ මේ අසත්‍ය චෝදනා නිසා තමාටත් දරුවන්ට හා බිරිඳටත් අපකීර්තියක් වූ බවද ප්‍රධාන අමාත්‍යවරයා පැවසුවා.

ඉන් තම ජන්ද  සංවිධාන කටයුතු වලට ද විශාල හානියක් සිදුවූ බව ද ප්‍රධාන ඇමති වරයා අවධාරණය කළා.