Wednesday, January 24, 2018
Hotline - 0770586666

උතුරට ආ වැදි කැකුළන් වව්නියාවේදී පිති හරඹයක (PHOTOS)

වන්නි රොමේෂ් මධුෂංඛ

424Views

දඹාන ආදී වාසීන්ට නව අත්දැකීමක් එක් කරමින් එහි ආදීවාසීන් පිරිසක් වව්නියාවට රැගෙනවිත් වව්නියාවේ දෙමළ සිංහල ක්‍රිකට් ක්‍රීඩා සමාජ කිහිපයක් සමග ක්‍රිකට් තරගාවලියක් වව්නියාව පොලීසිය විසින් සහ ආකාශ් සමූහ කාර්ය මණ්ඩලය විසින් අද (14) දිනය පුරා සංවිධානය කර තිබෙනවා.

වව්නියාව නගර සභා ක්‍රීඩාංගනයේදී පැවති මෙම ක්‍රිකට් තරගාවලිය වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි ආකාශ් සමූහ ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබුනේ ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කරවීමේ අරමුණින්.

ආදී වාසීන්ගේ ක්‍රිකට් තරගාවලිය වව්නියාවේ වැසියන්ට නව අත්දැකීමක් වූ අතර එම ක්‍රිකට් තරග නැරඹීමටද පැමිණ සිටි අයුරු දැක ගැනීමට හැකි වුණා.