Friday, March 29, 2024

General line - 0115112241

ලිහිල් කළ මත්පැන් නීති වහා අවලංගු කරන්නැයි ඉල්ලා ජනපතිට ලිපියක්




ලිහිල් කළ මත්පැන් නීතිය වහා අවලංගු කරන ලෙස ඉල්ලා පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

මතට තිත තබන බවට පොරොන්දු ලබාදෙමින් බලයට පත්වූ යහපාලන රජය මේ වනවිට මත්පැන් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටීම කණගාටුදායක බවයි ඔවුන් එම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ.

මුදල් අමාත්‍යවරයාට පමණක් අවශ්‍ය ආකාරයට නීති සැකසිය හැකි නම්, රටට ජනාධිපතිවරයෙකු හෝ කැබිනට් මණ්ඩලයක් අවශ්‍ය නොවන බවද එම ලිපියේ සඳහන්.

ඒ අනුව මත්පැන් නීති ලිහිල් කිරීම අවලංගු කිරීමට මුදල් අමාත්‍යවරයාට නියෝග කරන ලෙසයි පාරිභෝගික අයිතීන් සුරකීමේ සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.