Friday, April 19, 2024

General line - 0115112241

මාරාන්තික උපවාසකරුවන්ගේ  සුවදුක් බලන්න වැඩම කළ හිමි නම මෙන්න (PHOTOS)

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට




හම්බන්තොට මාගම්පුර වරාය  ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපිට මාරාන්තික උපවාසයක නිරතව සිටින හම්බන්තොට මාගම්පුර ජාත්‍යන්තර වරායේ සේවකයින්ගේ සුවදුක් විමසීම සඳහා ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ අද (14) දහවල් එම ස්ථානයට වැඩම කර තිබෙනවා.

සේවකයින්ගේ සුවදුක් විමසීමෙන් පසු මාධ්‍යට අදහස් දැක්වූ සීලරතන හිමියෝ කියා සිටියේ දේශපාලන වශයෙන් බොරු පොරොන්දු  දීම නිසා අහිංසක  තරුණ තරුණියන් හට මේ අකාරයෙන් දුක්විඳීමට සිදුව ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැන්වූ උන්වහන්සේ....

  '' පසුගිය රජයට තිබුනා මේ තරුණ තරුණයින් වරායේ  රැකියාවට දානකොට මාස හයකින් ස්ථිර වෙන ලෙස රැකියාවට බඳවා ගන්න. එසේ නොකළ නිසා තමයි අද මේ දරුවන් මේ අාකාරයෙන් දුක් විඳින්නේ .

මම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටිනවා මේ අයගෙන් ටික දෙනෙකුට හරි වරාය  අධිකාරියේ රැකියා ලබාදීලා අනෙක් අයට රජයේ වෙන යම් රැකියවක් හෝ ලබා දෙන ලෙස.

නමුත් එය දේශපාලන පොරොන්දුවක් නොවිය යුතුයි.

බැඳුම්කර වංචාවේ මුදල් ආපසු අය කර ගෙන හරි ඒ මුදල්වලින් මේ අහිංසක දරුවන්ගේ රැකියා ලබාදීලා ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කර දීම රජයක වගකීමක්.

ඒ තුලින් රටටද වැඩක් සිදුවනවා."