Friday, April 19, 2024

General line - 0115112241

මත්පැන් සැල් විවෘත කර තැබීමේ වේලාවට හෙට සිට වෙන්න යන දේ ජනපති කියයි (VIDEO)

වසන්ත පිවිතුරු / වීඩියෝ - එස්.විජය




මත්පැන් අලෙවිසැල් විවෘතව තැබෙන වේලාවන් සංශෝධනය කිරීමට අදාළ සුරාබදු ආඥා පනත යටතේ මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් අත්සන් කරන ලද ගැසට් නිවේදනය හෙට (15) සිට අහෝසි කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා.

එමෙන්ම කාන්තාවන් සඳහා මත්පැන් මිලදී ගැනීමට සහ මත්පැන්  අලෙවිකරන ස්ථානවල සේවය  කිරීම සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීම ද  හෙට (15) සිට නැවැත්වීමටයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත්තේ.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (14) අගලවත්තේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජන රැළියට එක් වෙමින්.