Friday, April 26, 2024

General line - 0115112241

මාගම්පුර වරාය ආයෝජනයේ දෙවන කොටසේ මුදල් ශ්‍රී ලංකාවට




හම්බන්තොට වරාය ආයෝජනයේ දෙවන කොටසේ මුදල ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 97 යි දශම 3 ක් චිනය විසින් ශ්‍රී ලංකාවට ලබාදි තිබෙනවා.

චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ස් සමාගම අදාළ මුදල වරාය අධිකාරිය වෙත ලබාදී ඇති බවයි පැවසෙන්නේ.

හම්බන්තොට වරාය සංවර්ධනය සදහා වන ආයෝජන ගිවිසුමට ඉකුත් දෙසැම්බර් 9 වනදා අත්සන් තැබුණා.

ඒ අනුව ව්‍යාපෘතිය යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 1 යි දශම 1 යි 2 ක මුදලක් වරාය අධිකාරියට ගෙවිය යුතු වනවා.

එහි පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 300 කට අධික මුදලක් මීට පෙර වරාය අධිකාරිය වෙත ලබාදුන්නා.