Friday, April 19, 2024

General line - 0115112241

හෙට රජයේ හෝ පාසල් නිවාඩු දිනයක් නොවේ

නිශාන් ද සිල්වා/සජිත් තිලකරත්න




හෙට (15) දිනය පාසල් නිවාඩු දිනය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

තෛපොංගල් දිනය අදට යෙදී ඇති බැවින් හෙට දින පාසල් නිවාඩු දිනයක් බවට පලවන වාර්තාවල කිසිඳු සත්‍යතාවක් නොමැති බවයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් නෙත් නිවුස් වෙත කියා සිටියේ.

නෙත් නිවුස් ඇමතූ ශ්‍රාවකයින්ද විමසා සිටියේ හෙට (15) දිනය නිවාඩු දිනයක් යන්න පිළිබදවයි.

ඒ පිළිබඳ කළ විමසීමකදී ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ හෙට (15) දිනය රජයේ නිවාඩු දිනයක් ද නොවන බවයි.