Tuesday, April 16, 2024

General line - 0115112241

යොවුන් ලෝක කුසලාන තරගාවලියේ අද තවත් පෙරළියක්




යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (14) තවත් පෙරළියක් සිදුවුණා.

, වත්මන් ලෝක ශුරයින් වන ඕස්ට්‍රේලියාව, ඉන්දියාව හමුවේ ලකුණු සියයකින් පරාජයට පත්වීමයි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුළු 7 කට ලකුණු 328 ක් රැස් කළා. 

ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමට සියලූ දෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 228 ක් පමණයි.

එහිදී ඉන්දීය යොවුන් වේග පන්දු යවන්නන් දෙදෙනෙකු වන ශිවාම් මාවි සහ කුම්ලේෂ් නාගර්කෝටි පැයට කිලෝමීටර් 145 කට වඩා වැඩි වේගයකින් පන්දු යැවීම විශේෂත්වයක්.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයෙන් අද (14) අයර්ලන්තයට එරෙහිව කඩුළු 7 ක විශිෂ්ඨ ජයක් වාර්තා කළා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායක කවිඳු මෙන්ඩිස් සහ ධනංජය ලක‍ෂාන් සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 157 ක නොබිදුණු සබදතාවක් ගොඩ නැගුවා.

එය සටහන් වුයේ වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරගයක ශ්‍රී ලංකා ඉනිමක සිව්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුණු ඉහළම සබදතාව ලෙසයි.