Tuesday, April 16, 2024

General line - 0115112241

හවායි දූපතේ ජනතාව නොමග යැවීම ගැන පරික්ෂණ




අමෙරිකාවේ හවායි දූපතේ ජනතාව කැළඹීමට පත් කරමින් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල වන බවට සිදු වූ වැරදි අනතුරු ඇඟවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදෙස් මත පරීක‍්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

උතුරු කොරියාවෙන් මෙම මිසයිල ප්‍රහාරය එල්ල වන බවටයි ඊයේ (13) රාත්‍රියේ හවායි වැසියන්ගේ ජංගම දුරකතන වෙත කෙටි පණිවිඩයක් ලැබී තිබුණේ.

, එරට හදිසි අනතුරු ඇඟවීමේ ඒකකය මගින්.

කෙටි පණිවිඩයත් සමග හවායි දූපතේ අනතුරු ඇඟවීමේ නාද සංඥා ද නිකුත් කර තිබෙනවා.

ඒ සමග තවත් භීතියට පත් වූ හවායි වැසියන් විථී පුරා දිවගොස් ඇත්තේ ආරක‍ෂිත ස්ථාන සොයා ගැනීමේ අරමුණින්.

ඉන් විනාඩි 18 කට පසු එම අනතුරු ඇඟවීම වැරදි බව ප්‍රකාශයට පත් කළා.