Friday, March 29, 2024

General line - 0115112241

දෘෂ්‍යාබාධිත කී‍්‍රඩකයෝ ලෝක කුසලානයට ළං වෙති (PHOTOS)

කසුන් කැලුම්




එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 5 වන දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඒ මූලික වටයේ මේ දක්වා පැවති තරග 4න් තරග 3ක් ජය ගනිමින්.

බංග්ලාදේශය සමග ඊයේ (15) පැවති තරගයෙන් කඩුලූ 5ක ජයක් වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කණ්ඩායම සමත් වුණා.

ශී‍්‍ර ලංකා කණ්ඩායම මූලික වටයේ සහභාගි වන අවසන් තරගය අද (15) පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කණ්ඩායම මූලික වටයේදීී ඔස්ටේ‍්‍රලියාව, නේපාලය සහ බංග්ලාදේශය පරාජයට පත් කිරීමට සමත් වුණා.

ඔවුන් මූලික වටයේදී පරාජයට පත් වූයේ ලෝක ශූර ඉන්දීය කණ්ඩායම හමුවේ පමණයි.

සුරංග සම්පත් , නායක චන්දන දේශපි‍්‍රය, රුවන් වසන්ත මහ දිමුතු රවීන්ද්‍ර මෙවර තරගාවලියේදී ශතක වාර්තා කිරීම කැපී පෙනුනා.